Friday, February 19, 2016

ඒඩ්ස් සහ ඉසකුඩිච්චි





ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න දෙන්නට බැරිය.


උදාහරණෙකට එච්.අයි.වී. ඒඩ්ස් ගනිමු. ඒඩ්ස් ඇඟේ තියෙනවාදැයි බැලූ බැල්මට කියන්නට බැරිය. ඉහෙන් බහින ලෙඩක් නැති එකේ පන්තියේ කොලුගැටයෙකුගේ ඇඟේ පවා එච්.අයි.වී. වෛරසය හැංගී ඉන්නවා විය හැකිය. ඒ නිසා අපි හැමවෙලේම සැකයේ වාසියට ඉඩ දෙන්නට ඕනෑය.


පාරම්පරික හෙල වෙද පරම්පරාවල්වලින් පැවත එන සිරිලංකාවාසී ජනතාවට බොහෝ වෙලාවට ලෙඩෙක් අඳුනාගන්ට ඔය සංකර රුධිර පරීක්ෂාවල්, ස්කෑන්, එක්ස් රේ අරවා මෙව්වා උවමනා නැත. වෙනකක් තබා නාඩි අල්ලන්නට වුවමනා වෙන්නේද නැත. පරම්පරා විස්තර ගැන ගම් තුලානේ ඇවිදින අබිලිං කෙනෙක්ගෙන් අසා දැනගත්තානම් හොඳටම ඇතිය.


රතගායේ සිට සීකා වෛරසය දක්වාත්, ගලපටලයේ සිට මුඛ පිලිකා දක්වාත්, මද සරුභාවයේ සිට එච්.අයි.වී. දක්වාත් සියලුම රෝග විනිශ්චයන් ටක්කෙටම තහවුරුකරගන්නට ලැබෙන්නේ එතකොටය.


ප්‍රතිකර්ම හරි සරලය. මූණ ඉස්සරහට සම්මුඛ වූ විට කාරා කෙළ ගැසීම, ගේ ඉස්සරහ පාරේ යනවිට හඬ නගා ඇනුම්පද කීම,  ප්‍රසිද්ධ ස්ථානවලින් කොන් කිරීම  වැනි සරල කෙම් ක්‍රම ඉන් සමහරකි. තත්වය වඩාත් දරුණු නම් හවස් ජාමේ ගෙදර වහළයට ගල් ගැසීම වැනි සංකීර්ණ ප්‍රතිකාර වෙනුවෙන් එක මවකගේ දරුකැලතක් මෙන් නොපමාව රොදබඳින්නට මෙකී වෙද ඇදුරෝ පසුබට වෙන්නේ නැත.


බටහිර කුමන්ත්‍රණකාරයෝ කොහොම කිව්වත් බොහොමයක් ලෙඩරෝග කිවිසීමෙන්, කැස්සෙන්, ස්පර්ශයෙන් පමණක් නොව ළඟින් ඉඳගෙන සිටීමෙන් පවා බෝවෙන්නට පුළුවන් ය. චිත්ත ක්වොන්ටම් හුවමාරුවෙන් පවා ලෙඩ එහෙ මෙහෙ පනින්නට, හුවමාරුවෙන්නට පුළුවන් ය. 


වෙන එකක් තබා කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් විජේසේකර මහත්තයා පවා කැට තියා කියන්නේ තමන්ගේ අධ්‍යාපන කලාපයේ ලෙඩ්ඩු තියාගන්නට බැරි බවය. ඒ කලාපයේ පාසැල් දහයකට අධික සංඛ්‍යාවක ප්‍රින්සිපල් සෑර්ලා/මැඩම්ලාත් ඒ ගැන සාක්කි තියා ඇත.


ඉතින්, එකේ පන්තියට ඇතුලත් වෙන්නට පුල පුලා බලා උන් පොඩි එකෙක්ට තමන්ගේ පියා මියගියේ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනයෙන්යැයි ගමේ පැතිරගිය කටකතාවක් නිසා පාසැලක් ලැබෙන තුරු ගස් යට උපවාස කරන්නට සිදුවෙනවාය.


නිවීහැනහිල්ලේ කල්පනා කර බලනකොට, මේ කතාව ඇත්තය. ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය.


ප්‍රින්සිපල් පට්ටම්, අධ්‍යාපන අධ්‍යක්ෂක පට්ටම් කියන්නේ මොලේ අමාරුකාරයන්ට දාන ඉසකුඩිච්චි නෙමේය. ලකේට ඇඳපැළඳගෙන ඉස්කෝලවලට ආවත් මේ වගේ ලෙඩ්ඩුන්ගේ මොළවල තියෙන මෙහෙව් විසබීජ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරම්පරාව වෙත නිරාවරණය වීම ඉතා අවදානම්ය.


ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න 
දෙන්නට බැරිය.

ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය!







47 comments:

  1. ඇත්තටම ඒ අධ්‍යාපන අධ්‍යක්‍ෂකට ද කාට ද මන්දා පිස්සු ද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ පොරට මානසික ආබාධයක්. ඒක කලාපෙ විදුහල්පතිවරුන්ටත් බෝවෙලා.

      Delete
    2. කලාප අධ්‍යක්ෂක ! උන්දැ වරදිලාවක් මේක බලනවා නම් "පිස්සෝ ඔය පට්ටම දීපන් අර මොන්ටිසෝරි ටීචර්ට"

      Delete
  2. ඔහොම මහාර්ග සහ අසමසම බුද්දිමත්තු ඉහල නිලවලට පත්වුනාම පුදුම සනීපයක් දැනෙන්නෙ. මට මතකයි එක පාරක් කරාපිටියෙ ඉස්පිරිතාලෙ අද්දියස්ස තුමා නියෝගයක් නිකුත් කලා ඉස්පිරිතාල පරිශ්‍රයෙ නිදැල්ලේ හැසිරෙන සියලුම සුනකයින් අල්ලල පෝර මලුවලදාල අරගෙන ගිහිල්ල ඒ කිට්ටුව තියෙන පොඩි අක්කර හතරක විතර ලඳු කැලේකට මුදා හරින්නෙයි කියල. අන්න ජාතියේ පිනට පහල වෙන උතුමන්ලා

    තමංගෙ කලාපයෙ ලෙඩ්ඩු තියාගන්ට බැරිනං අද්දියස්ස තුමා ඉස්සොරෝම කරන්ට ඕන ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලගෙන වෙන කොහාට හරි යන එකනෙ...

    ReplyDelete
    Replies
    1. ජාතියේ පින කොච්චරද කියනවානම් රවි, බලන බලන තැන ඉහළ පුටුවල ඉන්නෙම මේ වගේ ප්‍රඥාවන්ත උත්තමයො නෙව.

      Delete
  3. හපොයි... ඒ උනාට කතාව නම් මාර සමානාත්මතාවය....

    අර නොදරුවට මොනවා හිතෙනවා ඇද්ද? අනේ ඌ දන්නා ඒඩිස් එකක් නැහැනේ..

    මගේ අම්මගේ ඔෆිස් එකේ හිටපු අම්මගේ හිතවත්ම ආන්ටි කෙනෙක්ට මරු වැඩක් උනා. එකපාරටම එයාගේ මහත්තය මළා. බොඩි එක සිල් තියල මලගමක් වත් නැතුව වලදැම්මේ. ඊළඟ මාසේ ආන්ටි මළා. ඒකත් එහෙමයි උනේ. ළමයි 3 දෙනෙක් හිටියා. ඒ වෙනකොට ඒ ළමයි ගොඩක් ලොකුයි ( පොඩිම එකා අවුරුදු18ක් විතර) මම දන්නා තරමින් නම් කිසිම අවුලක් උනේ නැහැ.

    මේක දැක්කහම කිව්වා මිසක්, මට අප්පිරියයි කියවන්නත් මේ ගැන. මිනිස්සු කට විතරයි, හදවත් නැත්තෝ !!

    ReplyDelete
    Replies
    1. මේක කියවපු මගේ මිත්තරයෙක් එවපු කතාවක්.

      "උඹ හිතන්නේ දැන් උඹ ඕක ලිව්වා, මාධ්‍යවේදීන් කෑගැහැව්වා, නඩු දාල හරි ඒ ළමයට ඉස්කෝලයක් ලැබුන කියල සේරම හරියාවි කියලද?

      ඒ ළමයව ඉස්කෝලෙකට ගත්තමයි කියමු. ඒ ඉස්කෝලෙ ළමයින්ගෙ දෙමව්පියො ඌව නොමරා මරයි. උඹට පුළුවන්ද එහෙම නොවෙයි කියන්න? යකෝ මේක ලංකාව."

      Delete
  4. //ඉස්කෝල ලෙඩ්ඩුන්ගේ අතට පත්වෙන්න
    දෙන්නට බැරිය.

    ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය//

    එකගය (තිතක්) මුන් මානසික රෝහලට යැවිය යුතු ය (තිතක්)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නිසි ප්‍රතිකාර දිය යුතුය!

      Delete
  5. ජීවිතේට පොදු ප්‍රවාහන සේවයක් බාවිතා කර නැති,
    ජීවිතේට රජයේ රෝහලකින් බෙහෙත් ගෙන නැති,
    ජීවිතේට නිවසෙන් මිස පිටින් ආහාර ගෙන නැති,
    ජීවිතේට මිනිසුන් ගැවසෙන ස්ථානයකට පය නොතැබූ

    උන්මාද චිත්‍ර චිත්රාවියෙනි

    සඳලු තලෙන් බැස
    සළුව කැටි කොටගෙන
    ජීවානුහරණය කල ගලක් රැගෙන

    එන්න .... පව්කාරයාට ගහන්න

    ඔන්න ඔච්චරයි මට නම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට තියෙනවා උත්තරයක්...

      මම වගේ ඊරියක්ට මොන සෞඛය ද?

      Delete
    2. සිරා කතාව රොටියෝ. ජීවානුහරණය කරන්න ඕනෙ මුන්ගෙ ඔළුගෙඩි.

      Delete
    3. උපයා :

      "ඌරන්ට මොන සෞඛ්‍යද?" කියන්නෙ ඒ.ලෙවල් කාලෙ අපේ කල්ලියේ ආදර්ශපාඨෙ.

      Delete
  6. රටේ අතිබහුතරය මෙහෙම හරක් නොනේ... කතා කරන කොට පොළොව පලාගෙන යන්න හිතෙනවා...

    නොදකින් මාත් නොරට ඉඳලා මේ රටටම ආවා නේ කරුමය ගෙවන්න..

    ReplyDelete
    Replies
    1. කරුමයක් තියේනම් ගෙවන්ටම වෙනවනෙ අනේ. :)

      Delete
  7. මටනං ඔය සිද්ධිය පත්තරවල කිවවන්නත් හිතුනේ නෑ, අධ්‍යාපන ඇමතිගේ ආසනේ . සමහරවිට එයත් බයී ඇති එයායටත් බෝවෙය කියල , හැබැයි කට ඇරියොත් සිංහලේ ....**ක තමා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. පින්සිබල් කස්ටියත් ඒක වෙන්ටැ බය. පව් අසරණයො. ඔයවගේ මානසික ලෙඩ හැදුනම ඔහොම තමා, හරිම බයෙන් සැකෙන් ජීවත්වෙන්නෙ.

      Delete
  8. ඒ අජ්ජාපන අජ්ජක්ෂක මහත්තලැයි පින්සිබොල් ලයි ඉක්කෝලෙ යන කාලෙ සවුක්කිය පාඩං තිබ්බෙ නෑය කියන්නෙ
    ඉතිං ඒඩ්ස් කියන්නෙ බයි වෙන්න තරං එකක්ය කියල තමා ගමේ දේවාලේ කපුව කියල තියෙන්නෙ
    ඒකනෙ රෝස තොල් සිභිම් මහත්තයත් ඔය කතාව පඩේකට ගණං ගන්නෙ නැතුං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. හහා සිරාවටම කපු මහත්තයෙක්ගෙන් වෙන්ට ඕනෑ සෞඛ්‍ය උපදෙස් ගන්න ඇත්තෙ

      Delete
  9. මම දැක්ක බට්ටිගේ හොඳම පොස්ට් එත.බොහෝ දෙනා නිහඬ මාතාකාවකට දැක්වු ප්‍රතාචාරය ගැන මගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර!
      නම 'බස්සි' :)

      Delete
  10. කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් විජේසේකර මහත්තයා පවා කැට තියා කියන්නේ තමන්ගේ අධ්‍යාපන කලාපයේ ලෙඩ්ඩු තියාගන්නට බැරි බවය. /////// marayi

    ReplyDelete
    Replies
    1. වෙන පලාතක ඉස්කෝලෙකට යවන්ටලු කියන්නෙ.

      Delete
  11. අප්පොච්චියේ... මේ ගැන හඬක් නැගීම වෙනුවෙන් බස්සි අක්කාට මගේ ආචාරය! ඇඳුරෝ මෙබඳු වේ නම් වෙදැදුරෝ අර ලෙස වීම අහන්ටත් දෙයක්යැයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තම් සෝක් අනේ.

      Delete
  12. මූණු පොතේ පෝස්ට් එකක් තිබුනා "අවසාන ප්‍රේමයයි" සිංදුව දේවාලෙක පෙරහැරක වාදනය කරනවා.ඒක පෝස්ට් කරපු එකා ඒක දාලා තිබ්බේ "මේවා දැක්කහම මක්කම ගිහින් තෙරපෙන්න හිතෙනවා" කියලා.මේ සිද්දිය, බෙංගමුවේ නාලක, උඩුවේ වගේ සිද්දි දකිනකොට මටත් හිතෙන්නේ මක්කම ගිහින් තෙරපෙන්නමයි.

    ඔතන අවුල ඕක නෙමෙයි.දැන් මොකා ඔය වැරද්ද නිවැරදිකරත් බස්සී හිතනවද ඔය පොඩි එකාට මේ ලංකාවේ මොන ඉස්කෝලෙකවත් පාඩුවේ අධ්‍යාපනය කරගන යන්න මේ රටේ රහසින්වත් පවු නොකරපු මිනිස්සු ඉඩදෙයි කියලා?

    ReplyDelete
    Replies
    1. මේ වගේ නිවුස් අහනවට වඩා සැපයි කේ.ජී.දිනුස්කගෙ රෙගේ රැප් එක අහනවා.

      අනිවා බං. මේ මිනිස්සුන්ගෙ ඔළු හෝදනකම් ඔය වැඩේ කරන්ට අමාරුවෙයි. ඒත්, ගුරුවරු, විදුහල්පතිවරු කෙලින් ඉන්නවානම් අනිත් ළමයින්ගේ දෙමව්පියන්ට මේ ළමයට අපහාස වෙන විදියෙ දේවල් කරන්න කියන්න බැරි තත්වයක් හදන්න පුළුවන්, අඩුම තරමෙ පාසැල ඇතුලෙදිවත්.

      Delete
  13. අනේ මන්දා ඉතින් මට හිතෙන්නේ පාසැල් පරිපාලනය ඇතුලට දොස්තරලා හරි යන්නේ නෑ... හැක් හා නැද්ද? ;)

    ReplyDelete
    Replies
    1. දොස්තරලා කියල හිතන් ඉන්න උන් මේ

      Delete
  14. කෙලවෙන්නේ ළමයින්ට පව් උන්, දන්නා දෙයකුත් නැතිව තව කී දෙනෙක්ට ඔහොම වෙනවද

    ReplyDelete
    Replies
    1. මතකනෙ කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක මහත ළමයෙක්ට පන්තියෙ අනිත් අය 'බඩේ බබෙක් ඉන්නවද' අහලා කරපු විහිලුව ගිය දුර...

      Delete
  15. අධ්‍යාපනය කියන්නේ අයිතියක් කියලා කයිවාරු ගහලා විතරක් හරි යන්නේ නැහැ.ඒ දරුවාට අයිතියක් තියෙනවා පාසලක් ලබා ගන්න.එහෙම නෙමේ නම් මේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනය මොන බම්බුවක්ද ?අකිල බොරු කයිවාරු නොගහා මේ දරුවාට පාසලක් ලබා දෙන්න මැදිහත් වෙන්න ඕනේ.අධ්‍යාපනය කියන විෂය පළාත් සභා යටතේ තියෙන නිසා වයඹ පළාත් අධ්‍යාපන අම්තයංශය මේ අධ්‍යාපන අධ්‍යක්ෂකට විරුද්ධව විනය පරීක්ෂණයක් තබා නිදහසට කරුණු විමසන්න ඕනේ.පළාතේ පාසලකට මේ දරුවා ඇතුලත් කරන්න නොහැකි නම් අධ්‍යාපන ඇමති විදියට අකිල දරුවාව ජාතික පාසලකට හෝ ඇතුලත් කල යුතුයි.

    "ඒඩ්ස්" වලට ප්‍රතිකාර හොයා ගත්තාත් මේ වගේ අමන නිලධාරීන්ගේ මහන්තත්ව ගොන් කම් වලට නම් කවදාවත් බෙහෙත් හොයා ගන්නනම් බැරි වේවි.

    ReplyDelete
    Replies
    1. //"ඒඩ්ස්" වලට ප්‍රතිකාර හොයා ගත්තාත් මේ වගේ අමන නිලධාරීන්ගේ මහන්තත්ව ගොන් කම් වලට නම් කවදාවත් බෙහෙත් හොයා ගන්නනම් බැරි වේවි.//

      සහතික ඇත්ත කතාව මනෝ

      Delete
  16. //ලෙඩ්ඩුන්ට නිසි ප්‍රතිකාර දිය යුතුය!// ++++++++++++++++

    ReplyDelete
  17. මීට ඉහලින් ඉන්න නිලධාරීන් නිහඬව ඉන්නේ ඇයි කියලා මටත් ගැටලුවක්.

    ReplyDelete
  18. ඇත්ත කතාව මුන්ටයි බෙහෙත් දෙන්න ඕන.. සදමලී අවිරුප්පොල ලත් මෙගොල්ලොත් මේ රටෙන් තුරන් කරල දන්න ඕනෙ වගේම මේ මිනිස්සුන්ගෙ මාන්සිකත්වය හදන්න ඕන.. ඒවට තියෙන ආද්‍යාත්මික ආයතන වගේ දේවල් කරන්නෙ දේශපාලනය නිසා වෙලවක් එහෙම නැතුව ඇති..

    ප.ලි : බස්සා දැක්කා ඉට්කා උද්ගෝශනය වෙලාවෙ කතා කරන්න වත් බැරි උනා.. සොරි වෙන්න ඕන..

    ReplyDelete
  19. දැනුයි මේ ලිපිය දැක්කේ, බස්සි. ඔය දේවල්ම නොවුනත් මමත් ලිවුවේ මේක ගැන.

    ReplyDelete
  20. ඒ් ළමයා වෙනුවෙන් සහයෝගය දකනේනේ ඊටත් වඩා ලෙඩ්ඩුය

    ReplyDelete
  21. මොකද්ද අක්කේ ඒ කතාව? ඒඩ්ස් කතාව වෙනයි, ඉස්කෝලේ වෙනයි. ඒ ප්‍රශ්න දෙකක්. හැබැයි ඉතිං ඇත්තටම මුනියට ඒඩ්ස් තියනවද කියල හොයල බලන ඒකත් වටිනවා.

    ReplyDelete
  22. අනේ බස්සියො.. මුන්ටනේ අපේ අනාගතේ බාරදීල තියෙන්නෙ...මුන්ගෙන් ඉගෙන ගන්න අනාගතේ කොහොම හිටීද....??? අනික සමාජය දැනුවත් කිරීම සම්බන්දයෙන් සෞක්‍ය දේපාර්තමේන්තුයි අනෙකුත් සෞක්‍යසංවිදානයි ජනමාධ්‍යයයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි බලං ගියහම මක්කෙයි කොරල තියෙන්නෙ..

    ReplyDelete
  23. මේ ඒඩ්ස් වලට බෙහෙත් මොනවද ලංකාවේ එක්කෙනෙක් හොයාගත්තා කියලා ආරංචියක් තිබුණා . ඔන්න ඒවා ටිකක් අපි ඒ ප්‍රින්සිපල්ට ගිහින් දෙමු :v :v

    ReplyDelete
    Replies
    1. එව්වා ගිහින් දෙන්න කලින් උඹ අරගනින් ටිකක්.

      Delete
  24. වැඩි හරියක් උස් පුටුවල ඉන්නෙ ඔය වගෙ කාලකණ්ණි තමා..

    ReplyDelete
  25. ගොට්ට අල්ලලා අල්ලලා පින්සිබොල් වෙනවා.. කලිසම පාත් කරලා ගෑණි විකුණලා ඊට උඩ පට්ටං ගන්නවා.. මුං රටේ අජ්ජාපනේ මෙහෙයවනවා.. නොදකිං තවත්..
    උඹ ලියපු එක හොඳයි මේක.
    ජයවේවා..!!

    ReplyDelete
  26. අපි ඇත්තටම සින්හයෙක්ගෙන්(තිරිසනේක්ගෙන්) බෝ වුන ජාතියක් කියල හිතෙනවා, බස්සියෝ වෙලාවකට.

    ReplyDelete