Friday, January 1, 2016

එල ද බ්‍රා වසරක්!


මෙන්න මෙව්වයි බ්‍රෝ මාර්කටිං කියන්නෙ!



දෙදාස් පාලොහ ඉවරවේගෙන එන ඉසව්වේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සකල සිරි විභූතියෙන් ආඪ්‍යව, කිරියෙන් පැණියෙන් උතුර උතුරා පවතින හෙයින්ද, තල්මහට මදුරුවෙක් ඇන්නහේ දේශීය ආර්ථිකයට, වසර දෙදාස් පන්සීයක පට්ට අභිමානවත් අතීතයට සහ සංස්කුරුතික සළුපාලියට වැලේ වැල් නැතිකරනු පිණිස ඇතිවූ එකම පරසතුරු උවදුර වූ පරදේසක්කාර එන්රිකේ හැල සුද්දා ලංකාවේ සිංදු කියන්නට ගොඩබැසීම අතිගරු ජහපාලනපති සිරිසේන මැතිතුමා ඇඹිලිපිටියේ සිට සිදුකල අභීත මැදිහත්වීම හමුවේ හිරු දුටු පිණි මෙන් වියැකී ගිය හෙයින්ද, දෙදහස් දහසය ලබන්නාහාම අලුත් බදු සංශෝධන තෑගි සමග අපිට රැකියා ස්ථානය ගෙදර වගේ හිතෙන අද්විතීය වාතාවරනයක් නිර්මාණය වූ හෙයින්ද, අපේ ලයිප් පුල් මාවලස් ලෙස ගෙවී යමින් පවතී.


කොමෙන්ටු වලට රිප්ලයි කිරීම අතපසු වූ හෙයින්ද, පමා වූ හෙයින්ද, බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම ඉඳහිට මගහැරුණු හෙයින්ද පරල වූ අය වෙනුවෙන් මෙන්න භාජනයක්; ගැත්තා කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සමාව පිරිනමන්න. හැකි සැනින් පිලිතුරු සපයමි.


මගේ පෙරකී දුර්දාන්ත ක්‍රියාකලාපයන් හමුවේ අකම්පිතව, විල්පත්තුවේ ජනාවාස හදන හැටි තවමත් නොදන්නා හිටන් තුමා මෙන් පුල් පන් එකෙන් ඇලලී, වසර පුරා බ්ලොග් අඩවියට තුඩ තියා ඉවසිල්ලේ මා වටා රොඳ බැඳි රසවතුනි; ඔබ නැතිනම් "බස්සි" කියා කෙනෙක් නැතිවෙන්නටත් තිබුණි. ස්තූතියි!


සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාරගන්නට ලැබුනු ඇරයුම අළුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත හෙලූ කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, අන්න ඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!


ඒ අකුරු කියවා, උරා බී, කැමැතිනම් වමාරා යලි යලිත් බුදිමින්, 'උඩට අඳින යට ඇඳුම්' පමණක් නොව 'යටට අඳින යට ඇඳුම්' වුව ගලවා රිසිසේ ප්‍රීති වුව මැනැව. හැබැයි පුතෝ! තෑගි පිණිස දෙනවානම්, යට ඇඳුමක් වුවත් අපේ ජනාධිපතිතුමාගේ උදහසට ලක්නොවන පරිදි රැපින් පේපරයක ඔතා වැදගත් විදියට පිලිගැන්වීමයි සුදුසු!





ඔබ සැමට සොම්නසින් පිරි නව වසරක් වේවා!






89 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා සහෝදරී !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා පත්තර පවුලේ හැමෝටම!

      Delete
  4. එලද බ්‍රා වසරක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කා!

      ඊයෙ පොත තැපෑලට දැම්මා :)

      Delete
  5. එන්රිකේගේ සිංදු අහන්න ගාල් කළා වගේ පෝස්ට් ලියන්නද හදන්නේ? මල මගුලයි. ඔන්න බ්‍රා වලින් ගැහුවොත් අපි නෑ.. බස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙම උණුසුම් ප්‍රතිචාර එනවනම් කොච්චර වටිනවද මලයෝ :D

      Delete
  6. එතකොට ඒකයි සීන් එක නේද? බ්‍රා එක රැප් කරල එන්රික් ට දුන්නනං වැඩේ හරි?

    බස්සටයි බස්සිටයි සුභ වේවා!!!

    (අර "කෙටි කළබොල හීන" කයි පොත ගන්ඩ පුළුවං කොහෙංද?)

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩ කුමාරයෝ... හැක්

      http://bassigenawathana.blogspot.com/2015/12/blog-post_28.html

      Delete
    2. හයියෝ ඒක ගැන පෝස්ට් එකක්ම දාල තියෙද්දි මුන්දැ ආයෙ අහනව.

      1. අස්සන රහිත පොත්
      (දිවයින පුරා සරසවි පොත් හල් වලින්.)

      2. අස්සන සහිත පොත්

      1010 5323 4403 දරණ සම්පත් බැංකු ගිණුම් අංකයට (නම : පසන් බුද්ධික, ශාඛාව : මාතර) රුපියල් තුන්සියයක් තැන්පත් කරලා අදාල රෙෆරන්ස් නම්බර් එක sammani.premaratne@gmail.com හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට එවන්න, ඔබේ ලිපිනයත් සමග. පොත තැපැල් කරනවා

      Delete
  7. බස්සිටත් බසු පවුලටත් බසු සිතුවිලි වලටත් සුභ ම සුභ නව වසරක් වේවා......

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ කප්පරක් කුරුටු ගී ලියැවෙන වසරක් වේවා!!

      Delete
  8. ඔයාට සුභ අලුත් අවුරුද්ද්ක් වේවා!

    ReplyDelete
  9. බසු නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවන, ලෝන්ච් නැති පොත් ලියවෙන, නව පවුලට බසු පැටියන් එකතුවෙන, සතුට සිනහව පැතිරුණ වසරක් වෙන්නයි පැතුම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්!!

      ඒ මොකෝ ලෝන්ච් නැති පොත්?

      Delete
  10. සුබ නව වසරක් වේවා බස්සී.

    මේ අවුරුද්දේ උඹ කෙටි කතා පොතක් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉඳිකටුස්!

      අඩේ මමත් මග බලනවා ඈ. ඕනෙ සප් එකක් දෙනවා.

      Delete
  11. සුබ නව වසරක් බස්සියේ

    ඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!
    මෙන්න මේක නම් කඩන්ට බෑ හොදේ..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සබරේ!
      අපි පොරොන්දුවක් දුන්නොත් ආයෙ එකෙන්ම රකිනවා!!

      Delete
  12. බස්සිටත් බස්සාටත් පොඩි බසු පැටියෙක් මේ ලැබුවාවු 2016 නව වසරේදී කූඩුවට ගේන්න ලැබේවා යයි පතන්නෙමි...!

    ReplyDelete
  13. සුබම සුබ නව වසරක් වේවා බසු ෆැමිලියටම!
    අඩේ බස්සි ඒක නෙවෙයි, අර උඩ තියෙන්නෙ ඇත්තම ඇත්ත ඇඩ් එකද්ද? හිකිස්!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සාකියා!

      ඔව් ඔව්. සිරා ඇඩ් එක නේහ්?

      Delete
  14. බස්සි දියණියක හෝ බසු පුතණුවකු පහළ වන්නා වූ බසු වසරකට වැසි සුබ පැතුම්..))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැසි! :)

      Delete
  15. ෆෘට් සැලඩ් වගේ.. මික්ස් චොප්සි වගේ අමුතු රස ගොඩක් එකට එන රස බර අවුරුද්දකට ආසිරි..!!
    ජයවේවා..!!

    ReplyDelete
  16. බස්සි (Yash),

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  17. මේ පෝස්ට් එකම මදෑ බං අවුරුද්දම හිනාවෙන්න. හැබෑටම අර ගොවියො ටික ඔය ප්‍රසංගයට යැව්වානං උං මොනවා ගලවලා වීසිකරයිද?
    උඹටයි බස්සටයි බසු පැටව් ලැබෙන සුභමසුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හී හී!

      ඉදිරි සති දෙක තුල, දිනකට එක බැගින් වුව පෝස්ටු පල වීමේ අවදානමක් තියෙනවා හොඳේ?

      Delete
  18. සිරා බැට දෙයි - රිකේ පැනයයි- අපේ රිස්සත් දියවෙලා
    මහෙලයි සංගයි වගේ අපි - ඉම්මු ඉදිරිය දෙස බලා

    ReplyDelete
    Replies
    1. වනේ එළිකර - හෙනේ විසිකර - බජට් කුණුදත හොල්ලලා
      තනේ දුටුතැන - පෙනේ පුප්පන - ජන නියෝජිත පප්පලා

      Delete
  19. සුබ නව වසරක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
  20. සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් ඔබ ඇතුළු පවුලේ සැමට..!!!. පොත මාතරින් ගන්න බලාපොරොත්තු වෙනවා. ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා! පොත මාතර සරසවියේ ඇති.

      Delete
  21. කොට කලබලී !!! එසේම වෙවා

    ReplyDelete
  22. යැස් යැස් ලයිප්පෙක පුල් මාවලස්.. කෝල් එකක් ගන්නත් බෑනෙ හිටං. ඒකත් මාවලස්.. හිහි.. බලමුකො මේ අවුරුද්ද කොයි තරං මාවලස් වෙයිද කියල හිටං..
    හැබෑට හිටං හිටං හිට් විච්ච තරම නේද හිටං..

    2016 බස්සාටත් බස්සීටත් සුභම සුභ ජය සතුට ඉතිරෙන නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එව්වා මානසික පොබ්ලම්ස් වෙන්ටෝනෑ මහියෝ. මෙච්චර කල් රටේ තිබුනු ප්‍රස්න කිසිම දෙයක් ගැන නොදැන උන්නු මනුස්සයා නෙව. පව්.

      මහියාටත් සුභම සුභ 2016ක්!

      Delete
  23. යැස් යැස් ලයිප්පෙක පුල් මාවලස්.. කෝල් එකක් ගන්නත් බෑනෙ හිටං. ඒකත් මාවලස්.. හිහි.. බලමුකො මේ අවුරුද්ද කොයි තරං මාවලස් වෙයිද කියල හිටං..
    හැබෑට හිටං හිටං හිට් විච්ච තරම නේද හිටං..

    2016 බස්සාටත් බස්සීටත් සුභම සුභ ජය සතුට ඉතිරෙන නව වසරක් වේවා

    ReplyDelete
  24. සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම ???

    ReplyDelete
    Replies
    1. සිරිලංකාවෙන් විය යුතුයි. සමාවෙන්ට!

      Delete
  25. Replies
    1. labuwaawu nawa wasara suba wewaa kiyaa prarthana karanawa bassiyo....

      Delete
    2. එසේම වේවා ඔයාටත්!!

      Delete
  26. සුබ නව වසරක් වේවා බස්සී...

    ReplyDelete
  27. දෙන්න තුන් දෙනා වෙන සතුට සැපත සමග ජිවිතේ දිනන සුබම සුබ නව වසරකට ආසිරි

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ප්‍රොෆා මල්ලි!
      එක්කෙනා දෙන්නා වී තුන්දෙනා වේවා!

      Delete
  28. ජීවිතේ හරි මාවලස් ඕයි.
    සිරිසේන ලොක්කා බ්‍රා තහනම් කරපු නිසා දැන් බස්සෙකේම ගමං යන්න තමා කම්පනාව ... හැක හැක
    එහෙනම්
    පොලු නැති, වලි නැති , කොකු නැති, බ්‍රා නැති සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. Evaan aluth post ekak daanne nathei?

      Delete
    2. උඹටත් එසේම වේවා ලව්පූසෝ!
      මගේනම් අළුත් අවුරුද්ද පටන් ගත්තු ගමන් "ඵලදායී" උනා.

      Delete
  29. නීති දාලා සංස්කෘතිය හදන්න යන තලේඛාන් යහපලකයන්ට මොළේ පැදෙන සුබ නව වසරක් වේවා හිටං ......!!!

    ReplyDelete
    Replies
    1. අන්න නියම අළුත් අවුරුදු පැතුමක් මනෝ!

      Delete
  30. සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  31. සුභ අලුත් අවුරුද්දක් වේවා බස්සිටයි බස්සටයි.......

    තාම පොත ඇවිත් නෑලු.සරසවියෙන් සිටින මහතුරු නෝනල කිවුවෙ නැතෑ සුපින්වත් පාරිභොගිකය තව මසක් හෝ ඊට දිනක් අඩුවන කාලය ඇතුළත නුඹ සොයනා වඩන්නුම් කියලා.පුහ් !!! මාසයක් ඉන්න අපි ??? එහෙයින් අපගේ ගරු අල්මාරි මණ්ඩලය තීරණය කොළා නුගේගොඩටම අපගේ කමිටු සාමාජිකයෙක් යවන්න.ටන්ට නානානානා...... කොහොමෙයි ටිකිරි මොළේ...

    ReplyDelete
    Replies
    1. සරසවියේ සමහර සේවකයෝ ඔහොම තමයි. අල්මාරි මණ්ඩලේ තීරණේ ගැන හෙන ආඩම්බරයිලු ඉතින් ඈ.

      Delete
  32. බස්සිට පිච්චු පීකුදු වසරක් වේවා....!!!

    මගේ පරණ ජොක්කු (අනිත් පැත්ත හරවා කියවීම තහනම්) වගයක් ඉන්නවා.. මීට පස්සේ සෝ වලට ගිහින්.. සමිතලා, නිරෝෂලා ඉස්ටේජ් එකේ ඉන්න කොට මම ඒවා උසික්ක කොරනවා... නැත්නම් බස්සිලා වගේ අය තව ටික දොහකින් කෑ ගහයි සම අයිතිවාසිකම් ඉල්ලලා...

    ReplyDelete
    Replies
    1. මන් ඕක මෙහෙ යාලුවෙක්ට කිවුවා. එයා ඇහුවා ඉතින් එකයිද විසිකරේ කියලා.

      මට එතකොට මතක වුනේ ඉස්සර කටුනායක මහජන ක්‍රීඩාoගණයේ මියුසිකල් එකෙන් පස්සේ කීයක් ඕවා පහුවදාට ග්‍ර්වුන්ඩ් එකේ කම්බි වැටේ තියෙනවද කියල.

      Delete
    2. එසේම වේවා මාතේ බොස්!

      හිහී! ඔයාලට හිතේ හැටියට විසි කොරන්න තිබ්බා සනී අක්කා ආවනම්. කොහෙද එයා මඩුවල්ගෙට බයේ ආපහු ගිහින්නෙ.

      Delete
  33. ආන්න එච්චරයි බස්සියෝ...

    කාට හරි මොනා හරි දෙනවා නම් "අපේ කම" "අපේ හැදියාව " පේන දැනෙන විදියට ලස්සනට ඔතාල දුන්නා නම් කොච්චර ශෝක් ද ?

    අපිට එහෙම එක්ස්පීරියන්ස් නැතුව නෙමෙයි නේ..

    එක කාලයක් "රට පෙරට" කියලා රැපින් පේපරේක ඔතලා දුන්න ටොපියම ඊට ටික කාලෙකට පස්සේ "මහින්ද චින්තනය " රැපින් පේපරේ ඔතලා දුන්නා. එක දුන්නු එවුන්ම ඒ ටොපියම ආපහු " සුබ අනාගතයක් " රැපින් පේපරේ ඔතාලා දුනා. උඹට කියන්න බන් ආපහු පාරක් ඒ ටොපියම වෙන එවුන් වගයක් දුන්නා නේ බන් " මෛත්‍රී පාලනය " කියලා හරි අමුතු අලුත් ජාතියේ රැපින් එහෙක ඔතලා..
    බලං ගියාම අපි එකම ටොපිය එක එක කොළ වල ඔතාලා අරන් කාල කියහන්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි "අපේ කම" කියන්නේ මම හිතන්නේ...

      Delete
    2. //එක කාලයක් "රට පෙරට" කියලා රැපින් පේපරේක ඔතලා දුන්න ටොපියම ඊට ටික කාලෙකට පස්සේ "මහින්ද චින්තනය " රැපින් පේපරේ ඔතලා දුන්නා. එක දුන්නු එවුන්ම ඒ ටොපියම ආපහු " සුබ අනාගතයක් " රැපින් පේපරේ ඔතාලා දුනා. උඹට කියන්න බන් ආපහු පාරක් ඒ ටොපියම වෙන එවුන් වගයක් දුන්නා නේ බන් " මෛත්‍රී පාලනය " කියලා හරි අමුතු අලුත් ජාතියේ රැපින් එහෙක ඔතලා..
      බලං ගියාම අපි එකම ටොපිය එක එක කොළ වල ඔතාලා අරන් කාල කියහන්කෝ...//

      පට්ට කතාව විභියා!!

      Delete
  34. සුබ අලුත් අවුරුද්දක් වෙවා බසු පවුලේ හැමෝටම

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. බස්සි අලුත් අවුරුද්දට නියමෙට වැඩ අල්ලලා...මේක ගෙනිහිං යහපාලන ලොක්කට ඇහෙන්න කියවන්න එකෙක් නැනෙ අම්මපා....
    //කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, ......//

    ReplyDelete
    Replies
    1. ඇයි අයියෙ ඉතින් ඒ මනුස්සයා ඕක ගිහින් කියන්නෙ අම්පාරෙයි, ඇඹිලිපිටියෙයි දහම්පාසැල් ලමයි ඉස්සරහ නෙව. මම හිතුවෙ සංගා ඒ අසරණ ළමයින්ගෙනුයි හෝල් එක පුරවලා තියෙන්නෙ කියල

      Delete
  37. සුභ අලුත් අවුරුද්දක් වේවා බස්සි. ඉදිරියේදී හමු වෙමු.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අජිත් අයියේ!

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2235-2016-01-03-20-21-48

    ReplyDelete
  40. බස්සි, පළමු වතාවටයි ඔබේ අඩවියේ comment කරන්නේ. එත් ගොඩක් කල් ඉඳන් කියවනවා. ඔබේ ලිපි ඉතා රසවත්.

    දිගටම ලියමු. ජය සතුට සමග ඔබටත් එල ද බ්‍රා නව වසරක් වේවා !!!

    ReplyDelete