Wednesday, February 26, 2014

රහ එක – හොඳ එක






අඬන දොඩන ගෑනු මූණු
කඳුළු පිහින පිරිමි මූණු

 
අතිපණ්ඩිත පැහුණු මූණු
මඩ
තැවරුණු ඇනෝ මූණු 


ධීර වීර ගැහැණු මූණු
අධම
දුෂ්ට පිරිමි මූණු
 

එෆ්.බී.අයි. , පොලිස් මූණු
හොරෙන් කාපු පූස් මූණු
 

ලාබායි ලාබායි
රහ එක – හොඳ එක!!!



Monday, February 24, 2014

ඔයාටත් මැරෙන්න හිතිලද???


 


පහුගිය සති කිහිපය පුරාවට ඇහුන පුවත් අතරින් බොහොමයක් සියදිවි නසා ගැනීම්, නැත්නම් සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම්. මේ පුවත් අන්තර්ජාලය තුල සංසරණය වෙනකොට බහුතරයක් දෙනා කලේ මැරිච්ච මනුස්සයාගෙ මිනීවලට ඇඟිල්ල දිගු කරන එක. ඒ අතරින් ඉතාම අල්පයක් දෙනා නැගූ එක් පැනයක් තිවුනා. ඒ තමයි;


“ලංකාවේ විශාදයෙන් පෙලෙන මානසික රෝගීන්
සංඛ්‍යාත්මකව ඉහළ යාම මෙයට හේතුවක් විය හැකිද?”





 
ඉතින් මම හිතුවා විශාදය ගැන තවත් තොරතුරු සොයා යන්න. (අර එක බොග් එකක මගේ කමෙන්ටුවකට යටින් ඇනෝවෙක් පහරලා තිවුනානෙ බී.ඇස්.සී. තියාගෙන ඇම්.බී.බී.ඇස්. කතා කියන්න එපා කියලා. අන්න එයාට පුලුවන් සැබෑ මූන පෙන්නලා මේ ලිපියේ වැරදි ඇත්නම් නිවැරදි කරන්න. :P)


මොකක්ද මේ විශාදය?



විශාදය යනුවෙන් හඳුන්වන්නේ දිගුකාලීනව පවත්නා දොම්නස් සහගත මනෝභාවයක්.  දිගුකාලීන දොම්නස හේතුවෙන් හටගන්නා මානසික අවපීඩනය කාලයත් සමග සායනික විශාදය නමින් හැඳින්වෙන මානසික රෝගී තත්වයට පෙරැලෙන්නට පුලුවනි.




අපේ රටේ විශාදයේ ඉලක්කම්




ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% ත් 15% ත් අතර සංඛ්‍යාවක් විශාදය හෙවත් මානසික අවපීඩනයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, ඒ අතරින් 1% ක් උග‍්‍ර විශාදයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. විශේෂයෙන්, දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් විශාදය රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ඒ වගේම, කාන්තාවන්ට විශාදය සැදෙන ප්‍රවණතාව පුරුෂයන්ට විශාදය සැදෙන ප්‍රවණතාවට වඩා දෙගුණයකින් වැඩියි ලු.






සිය දිවි නසා ගැනීමට පෙළඹෙන පුද්ගලයන්ගෙන් 30% පමන විශාදයෙන් පීඩා විඳින උදවිය බවත් මේ ඉලක්කම් අතරේ සටහන් වෙලා තියෙනවා. භයානකම තත්වය තමයි, විශාදයෙන් පෙලෙන්නන්ගෙන් 70%ක්ම දන්නේ නැහැ තමන්ට ඇත්තේ මනෝ ව්‍යාධියක් බව. එබැවින් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නෙ 30%කට ආසන්න සුලු පිරිසක් පමණයි.




විශාදයේ ලකුණු




විශාදයේ මූලික රෝග ලකුණු තුනක් තියෙනවා.  ඒ තමයි;

 
1.දිගින් දිගටම පවතින දුක
2.ශරිරයට දැනෙන අප්‍රාණික බව
3.සිතට සතුටක් නැති බව දැනීම

 
මීට අමතරව තවත් රෝග ලකුණු කිහිපයක් හඳුනා ගත හැකියි. නමුත් මේ ලකුණු නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.




 
1.අවධානය යොමු කිරිමට නොහැකි වීම හා අමතක වීම
2.අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැති වීම
3.ආත්ම ශක්තිය අඩුවීම
4.නින්ද නොයාම
5.ආහාර ගැනීම එපා වීම
6.තමන් වරදකාරයෙක් යයි නිතරම සිතිම.
7.නිශ්චිත තීරණ ගැනීමේ දුෂ්කරතාව
8.සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව


 මෙහෙම වෙන්නෙ ඇයි?

විශාදය ඇතිවීමට මුල්වෙන සුලභ කරුණු කිහිපයක් තමයි මේ. මීට අමතරව තවත් විවිධාකාර සාධක මේ සඳහා මුල්විය හැකියි.






මේ සඳහා වැඩිපුරම බලපාන්නෙ මනෝ විද්‍යාත්මක සාධක.


1.බලාපොරොත්තු බිදවැටී
නිසා ඇතිවන මානසික පිඩා.
2.දිගුකාලීන ආතතිය නිසා ඇතිවන මානසික අසහනය
3.ආදරය සෙනෙහස අහිමි වීම.
4.පුද්ගලයා ලොව දකින ස්වභාවය [උදා: හැම දෙයක්ම සර්ව සම්පූර්ණ ලෙස සිදු විය යුතුයැයි යන මතයේ සිටීම.]


ඒ වගේම විශාදයට පාර කියන සමාජ විද්‍යාත්මක සාධකත් බොහොමයි.


1.දීර්ඝකාලීන ශාරීරික රෝග
2.අධික ලෙස මත්පැන් භාවිතය
3.විරැකියාව
4.අන්තර් පුද්ගල සබඳතා බිඳී යාම
5.බරපතල ලිංගික අතවරයන්ට මුහුන දීම.






ඒ විතරක්ම නොවෙයි, මේ සඳහා ජීව විද්‍යාත්මක හේතූන්ද බලපානවා.


1.ජානමය බලපෑම
2.වෙනත් මානසික රෝග




විශාද පවුලේ සාමාජිකයෝ


විශාදය කියන රෝගී තත්වය  අනු කාණ්ඩ කිහිපයක වර්ගීකරණය කරලා තියෙනවා.



1.ප්‍රධාන විශාදය (Major Depression)


ප්‍රධාන විශාදයේ පොදු ලක්‍ෂණයක් වන්නේ, තමාගේ එදිනෙදා කටයුතු වන කෑම, නෑම, ඇඳීම, විවේකය හා නින්ද නොසලකා හැරීම යි. මෙවැනි තත්ත්වයන් යටතේ ලිංගික ආශාව ද නැති ව යනවා. විශාද පවුලේ රෝග කාණ්ඩ අතරින් සුලභම රෝග තත්වයත් මෙයයි.


2. ඩිස්තීමියාව (Dysthymia)



 

ඩිස්තීමියාවට ගොදුරු වන රෝගීන් නිතරම කල් ගෙවන්නේ දොම්නසින්. මෙහිදී විශාද තත්වය බරපතල මනෝග්ලානියකට පෙරැලීමේ ඉඩකඩ අඩුයි. නමුත් ඩිස්තීමියා රෝගීන් කිසිවකින් තෘප්තිමත් වෙන්නේවත්, සතුටට හෝ විනෝදයට පත්වෙන්නේවත් නැහැ. රෝගයක් ලෙස හඳුනා ගැනීම අඩු නිසා මොවුන් මනෝ චිකිත්සාව සඳහා යොමුවෙන්නේ ඉතාම අඩුවෙන්.



3.සයිකෝසියාව (Psychotic depression)
 


මෙය තරමක් දරුණු විශාද තත්වයක්.  සයිකෝටික විශාදයෙන් පෙලෙන්නන්  බියකරු රූප දැකීම, ශබ්ද ඇසීම, නොපෙනෙන කෙනෙක් අණ දෙන්නා සේ ඇසීම වැනි මනෝග්ලානිමය තත්වයන් අත්විඳිනවා. ඒ නිසාම මොවුන් මනසින් ඇහෙන අණකිරීම් වලට යටත්ව භයානක ක්‍රියාකාරකම්වල නිරතවීමේ අවදානමක්ද පවතිනවා.



4.සාමාන්‍ය විශාදය (Typical/Seasonal Depression)

 
සාමාන්‍ය විශාදය බහුලව දක්නට ලැබෙන රෝග තත්වයක්. මෙහි විශේෂ ලක්‍ෂණ තමයි නිතර ඇතිවන විඩාව හා ප්‍රමාණය ඉක්මවා නිදාගැනීම. මෙහිදී රෝගීන් හිතන්නේ තමාගේ ජීවිතය අනිත් අයට ඕනෑ හැටියට පාලනය කෙරෙන බවයි. මේ විශාද තත්වය මාස කිහිපයක් එක දිගට පවතිනවා. විටින් විට රෝගියා සාමාන්‍ය දිවියට අවතීරණය වීමත්, සතුට අත්විඳීමත් දැකිය හැකියි.



5. උන්මත්තක විශාදය (Bipolar disorder/ manic-depressive illness)



විශාදයේ උග්‍ර ම තත්ත්වය උන්මන්තක විශාදය යි.  එහිදී පුද්ගලයා වරෙක තද කලකිරීමට පත්වෙන්න පුලුවනි. මේ කළකිරීම නිසාම ඔවුන් වියරු වැටුන තත්වයට පත්වී දේපල හානි කරන්නටත්, අන්‍යයන්ගේ ජීවිත වලට හානි කරන්නටත්, සියදිවි නසා ගන්නත් පෙළඹෙනවා.




මේකට අපි මොකද කරන්නේ?






විශාදය සඳහා ලබාදෙන ප්‍රතිකාර තෙආකාරයි.

 
1. මනෝචිකිත්සාව
2. රසායනික/ඖෂධ ප්‍රතිකාර
3. විද්‍යුත් ප්‍රතිකාර ක්‍රම

 
මද වශයෙන් විශාදය ඇතිවිට මනෝචිකිත්සක ප්‍රතිකාර, ක්‍රියාශීලී දිවිපෙවෙතකට හුරුවීම, ව්‍යායාම සඳහා යොමුවීම මගින් රෝග අවදානම වලක්වා ගත හැකියි.
 


විශාදයේ පසු අවධීන් වලදී මනෝචිකිත්සක ක්‍රම මත පමණක් සුවයක් ලැබීම අපහසුයි. ඒ නිසාම ඖෂධ සඳහා යොමු කරනු ලබනවා. බොහෝවිට මාස නවයක්-දහයක් පමණ නොකඩවා ඖෂධ වලට යොමු විය යුතු වෙනවා.


උග්‍ර විශාදය සුව කිරීමට පිලියමක් ලෙස විද්‍යුත් ප්‍රතිකාර පවා වෛද්‍යවරුන් නිර්දේශ කල හැකියි.



 
විශාදයෙන් පීඩා විඳින්නන් අපි අතරත් සැඟවී ඉන්නට පුලුවනි. ඔවුන් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර සඳහා යොමු කරන එක ඔවුන් වෙනුවෙන් කලහැකි ලොකුම උපකාරයයි.






Saturday, February 22, 2014

කොමෙන්ට් කොටුවේ කවි මඩුව



මම ආසයි ලියන්න.
ඒක මගේ සතුට.




මම ලියන විකාර බලල සතුටුවෙන ඔයාල මං වෙනුවෙන් ලියලා යන  දේවල් නිසා සමහර වෙලාවට මගේ සතුට දෙගුණ තෙගුණ වෙනවා.


…මේ ඒවගේ මම ලියාපු පිස්සු කවියක්...





ඒක දැකලා අපේ සමී මලයා මෙන්න මෙහෙම කියනවා.



 
ඒ දැකපු බස්සි සමී මලයාට උත්තර දෙනවා මෙන්න  මෙහෙම.



ඔය අතරෙ අපේ මදාරා නංගි සිහින මිටියාවතේ කරක්ගහන  ගමන් මේ පැත්තට ලෑන්ඩ් කරනවා.....





තේරුං ගන්න අමාරු වෙච්චි කවිය මදාරා නගාට කවියකින්ම පැහැදිලි කරලා දෙනවා මේන් මෙහෙම. (ඒ කාලෙ මම උන්දැට කිවුවෙ අක්ක කියලලු ඕං)






ඔය අව්අස්සෙ ඔතනට එනෝ අපේ පවුලූශා......
















මෙන්න ඒ ගමන ඔලුවෙ ඔපරේසොන් එක එහෙම ඉවරවෙලා දිනේශ් අයියත් හාපුරා කියල කයියක් කියාගෙනම එනව.





ඉතිං බස්සි උත්තර දෙනෝ මෙන්න මේම.





ඔන්න ආයෙමත් එනව පවුලූශා... 
















ඔය කතාව අහං ඉන්නවා අපේ දස්ස කයි කාරයො දෙන්නෙක්. මුන් දෙන්න කයියක් කියනවා වෙනුවට ඕං සිරික්කිය දානව ඉඳගෙන.












ඔය කතාබතා යන අස්සෙ අපේ නලින් අයියත් මුට්ටිය දානවා මේ පලාතට.
 



සුබපැතුමට උත්තර දෙන්න ඕන තවත් සුබපැතුමකින්ම නෙව.




විදානේ ඇවිත් දුන්නෙ කැරකිලා යන කයියක්.








කවදාවත් මගෙ බ්ලොගේ කවි නොලියපු රූමිත් එනවා ඒ ගමන කයියක් කියල යන්න.



මාත් ඉතින් දෙනව හැන්ද පුරෝලා බටර් පාරක්.




ඒ විතරක් නම් මදැයි. කයි කිවිල්ල දිරෝගන්න අමාරු ගාලුවත් කියනෝලු ඕන් කයියක් එලිසම කැලේ ගියාවෙයි කියල. :D
























ඔන්න අන්තිමටම එනෝ මගෙ කයි කියවිල්ලට නිතරම ප්‍රතිචාර දක්වන තිසර.













ඕන් ඔහොමයි
කොමෙන්ට් කොටුවේ කවි මඩුව
හමාර උනේ.








Tuesday, February 18, 2014

ඔබ නොදන්නවා වගේ ඉන්නවා


 
“ඔබ මට ආදරෙයි නොකියා – නොදන්නවා වගේ ඉන්නවා…”

Crush එහෙකට කියන සිංහල වචනෙ මොකද්ද හැබෑට? මටනම් ඒ ගැන කිසිදු අදහසක් නෑ. ඒත් නිකමට වාගෙ ඉන්ගිරිස් - සිංහල ඩික්ෂනරියක ඔය වචනෙ ටයිප් කොරල බලන්නකො.
 






මට හිතෙන්නෙ ඒ Crush එක තමන් ගැන හාංකවිසියක් දන්නෙත් නෑ, තමන්ව තුට්ටුවකටවත් මායිම් කරන්නෙත් නෑ කියල තේරුම් ගත්තාම ඇතිවෙන හැඟීම මොකද්ද කියන එක නම් ඔය සිංහල තේරුමෙන් අගේට පැහැදිලි වෙනවා.
 

හැබැයි ඔය අප්‍රකාශිත ආදරයට කරන්න පුලුවන් දේවල් බොහොමයි. තැලිච්ච, පොඩිවෙච්ච හදවතකින් එලියට ගලන වේදනාව කලවම් වුනු, කඳුලින් ඔප වැටුනු නිර්මාණ වල රහ වැඩියි මට හිතෙන විදියට.



 

බස්සිත් කාලෙකට කලින්, සූටි බසු පැටවෙක් සන්දියේ ඔන්න ඔය විදියෙ Crush එකක් වෙනුවෙන් ලියාපු  කවියක් බ්ලොග් කටුවෙත් පල කලා. යාලුවො සමහරු බය වෙලාත් තිවුනා එවුවා අපේ බස්සාට ලියාපුවදෝ කියල හිතල.

 
එහෙම හිතපු කුරුලු යාලුවො අපූරු කවි comment සංවාදයක් ගෙනිච්චා. නොදන්න අයට මෙතනින් ගිහින් ඒ කවි සංවාදය බලන්න පුලුවනි.
 

ඔන්න ඉතින් අද පල කරන්නේ ඒ අවුරුදු ගාණක් පැරණි Crush එක වෙනුවෙන් ලියාපු පුරාණ පදවැලක්.




පිණි කඳුලු මල් පෙති සිඹින්නේ සඳ අඳුරු වුන දා
වැහි කඳුලු පොලවට වැටෙයි ගගනත රුදුරු වුන දා
මගෙ කඳුලු දෙකොපුල් තෙමාලන්නේ කිමද මන්දා
මම තනියෙන්ම දුක් වින්දා
 

මා දිහා අමනාප නෙත් රැඳවූව දවසක් නෑ
මා සවන් මත රුදු වදන් රැඳවූව දවසක් නෑ
ඒ කිමද අද වනතුරා ඔබ නෙත් විවර කර නෑ
මා හඳුනගෙන නෑ


නෙත් කෙවෙනි රත් පැහැ වුනේ කිම හිතා ගන්නත් 9බෑ
දුක රැඳුන මතකයක් නෑ දුක දරාගන්නත් බෑ
කඳුලු වියැලෙන තුරා මට මග බලා ඉන්නත් බෑ
හිත හදා ගන්නත් බෑ




(පදමාලාවෙ ගුණ  අගුණ  කියලා යනවනම් මං හරි ආසයි.)



Saturday, February 15, 2014

කිරිහාමිගේ ඇණ


 
ඉක්කෝලෙ කාලෙ කතා ලියන්නෙයි කියල දත කට මැදගෙන සූදානම් උනාට මොකෝ තාම කතා දෙකයිද කොහෙද ලියාගන්ට ලැබුනෙ. තිං බස්සි හිතුවා දෙදාස් දාහතරටත් මුල්වරට ඉක්කෝලෙ කාලෙ කතාවක් අතාරින්ට.






අපේ සැට් එකේ හිටපු අති විශේෂ චරිතයක් තමයි අද කතාවේ මේන් ඇක්ටර්. පොර තමයි කිරිහාමියා. ආයෙ අහන්නත් දෙයක් යැ. ඔව්, උගේ වැඩ වලට ගැලපෙන්නම තමයි ඒ නම වැටුනෙ.

 
ආ දැනුයි මතක් උනේ… මේ වෙනකොටත් කස්ටිය කිරිහාමියව අඳුනගෙන ඇති. මොකද මම කාලෙකට කලින් ලියාපු “බයිට්” කතාවෙත් මූ ප්‍රධාන චරිතයක් ඇක්ට් කලා.

 
පොරට ඒ කතාවෙ ලින්ක් එක යැවුවාම මට හැරෙන තැපෑලෙන් ආවා මෙන්න මේ පින්තූරෙ සහිත මේල් එකක්.

 තෝ මාව කාල!  මේ මෝරාම කාපිය.
මෝරා තෝව කෑවෙ නැත්තං සුදු  වෑන් එකකට කොන්ත්‍රාත් එක බාර දෙනව!!!


 

ඉතිං අද කතාවෙ ලින්ක් එක යැව්වම මොනවා එවයිද දන්නෙ නෑ. ලියලම බලමු.

 
කිරිහාමියා ගැන කියන්න රස කතා ගොඩයි. කොහෙන් පටන් ගන්නද මන්දා…
 

ඔන්න දවසක් අපි කට්ටිය සෙට් වෙලා යනව කිරාගෙ ගෙදර. අපේ මලියායි, රඟසොබායි CTB බස් වල ඉක්කෝලෙ එන්නෙ. සීසන් තියෙන නිසා උන් මලාට නගින්නෑ ප්‍රයිවෙට් එවුවයෙ. ඉතින් අපි කට්ටියම ඇදගෙන උන් දෙන්නයි, කිරිහාමියයි ගොඩවුනා CTB එකකට.





 
ආයෙ නෑ ඒකනම් බස් එකේ යන්න සුපිරි වෙලාව. අපේ ඉක්කෝලෙයි, සහෝදර පාසලෙයි දෙකේම, මාදම්පෙ පැත්තට යන උන් හැටහුටහමාරක් බස් එකේ. චප්ප වෙනවා ලෙසටම. ඉතින් කොහොමින් කොහොම හරි අපි නිරුපද්‍රිතව මහවැව ටවුන් එක වෙත ලඟා උනා කියමුකො. මහවැව හරියට කිට්ටු වෙද්දි යාන්තම් අතපය දිගඇරගන්ට ඉඩකඩක් ලැබුනා.

 
අහෝ ඛේදයකි. ඉරකි. තිතකි කියලා මහවැව ටවුන් එක පහු වෙනවත් එක්කම නැග්ගෙ නැතැයි මහා මුසල්මානු ජන ගංගාවක්. මක් කොරන්නද ඉතිං අපි ආයෙ පරණ පුරුදු පරිදි චප්ප වෙමින් මාදම්පේ නගරය වෙත ළඟා වුනා.

 
කොහොමින් කොහොම හරි කිරිහාමියගෙ ගෙවල් පාර ගාවින් අපේ දහදෙනාගෙ සැට් එක බැහැගත්තාය කියමුකො. කොයිකටත් කියලා ගැනලා බැලුවා සේරම ඉන්නවද කියලා.

 
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි.

ම්හු…. එකෙක් අඩුයි නෙව.
 
බලමු ආයෙ පාරක් ගැනලා.
 
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි…. ඒ පාරත් අටයි.

 
බලාගෙන යනකොට නැත්තෙ අපේ ප්‍රධානම චරිතෙ; කිරිහාමිය… දැන් අපි දහ අතේ කල්පනා කොරනව මොකද කරන්නෙ කියලා. ඇයි හත්දෙයියනේ මූ නැතුව මුංගෙ ගෙදර ගිහින් ගෙදර මිනිස්සුන්ට වග උත්තර බඳින්න වෙනවනෙ අපිට.

 
ඉතිං කරකියාගන්න දෙයක් නැතුව අපි එකකා විවිධ ඔප්ෂන් ඉදිරිපත් කරමින් පාර අයිනට වෙලා ඉන්නව. ඔන්න ටික වෙලාවකින් පාරෙ ඈත කෙලවරෙන් මතු වෙනවා සුපුරුදු රූපයක්.


“කොහෙද ගොං අලියෝ ගියේ?” කේන්තිය වැඩි කමට අපි කිරිහාමියාව පිළිගත්තෙ බොහොම ආදරණීය වදන් පෙළකින්.
 

කිරිහාමි : “අනේ සොරි මචංලා, මම හෝල්ට් දෙකක් කලින් බැහැලනෙ.”


අපි : @$# $%&* %#$@


කිරිහාමි : “ඉතිං බන් අර ආප්ප අයියලා ටික සේරම බහිනකොට මමත් උන් එක්ක බැස්සා. බලද්දි උන් බැහැලා තියෙන්නෙ අපේ ගේ ගාව නෙමෙයි පල්ලිය ගාව.”







************************




අපි ඒ ලෙවල් කලෙ කණ්ඩායම් ව්‍යාපෘතිය (සිංහලෙන් කිවුවොත් ගෘප් ප්‍රොජෙක්ට් එක.) විදියට කලේ අපේ කෙමෙස්ට්‍රි ලැබ් එක පිළිසකර කරන එක. ලැබ් එකේ තීන්ත ගාලා, අපිට හදන්න පුලුවන් තත්වයේ තිවුන අබලන් බඩු බාහිරාදිය පිළිසකර කරලා. සබ්ජෙක්ට් එකට අදාළ ඉගෙනුම් උපකාරක සටහන් එහෙමත් බිත්තිවල එල්ලලා සෑහෙන වැඩ ගොඩක් කලා අපි දහදෙනා එක්කාසු වෙලා.

 
අර දුකා තීන්ත ගැන කම්පා වුනෙත් ඔය වැඩේට ගිහින් තමයි.

 
දුක තමයි රංජනීලයෙ අම්මෙ කිවුවලු, තීන්ත වැඩේ පටන් අරන් ටික දවසකින් තීන්ත වලට කිරිහාමියව ඇලජික් වෙලා ඒකගෙ ඇඟ පුරාම ලප්ලන්තෙ වගේ පලු දාන්න පටන් ගත්තා.
 

ඉතිං එදා ඉඳන් අපි කිරිහාමියව ප්‍රධාන මෙහෙයුමෙන් ඉවත් කරලා වෙනත් අවශේෂ කාර්යයන් සඳහා අනුයුක්ත කෙරෙවුවා. එහෙම වෙලාවක තමයි කිරිහාමියට මලියගෙන් අණක් ලැබුනෙ ෆිසික්ස් ලැබ් එකෙන් ඇණ ටිකක් අරන් ඇවිත් ඇදවෙලා තිවුන රාක්කයක් කෙලින් කොරන්නෙයි කියලා.
 

බිත්තිය පැත්තට මූණ දාල තීන්ත ගාන අපිට මෙහෙම ඇහෙනවා.

 
“ටොක් ටොක් ටොක්!”
 
“මගුල!”
 
“ටොක්”
 
“ආව් අතත් තැලෙනවා තව පොඩ්ඩෙන්!”
 
“ටොක්”
 
“ඒකත් නැමුනා”
 

“ටොක්”
 
“දඩබඩස්!!!”
 

“මහ බාල ඇණ! පේ සිස්ටර් (ප්‍රින්සිපල්) ලෝබකමට ලාබෙට අරන්ද කොහෙද!!!”
 

අපෙත් ඕපාදූප සෙවීමේ සහජ ආශාව නැගී ආ නිසා කිරිහාමිය රාක්කෙ බිම අත ඇරලා දොස් දෙවොල් තියන තැනට ගියා බලන්න.

 

මදැයි කොලා! මූ රාක්කෙ අටවන්න හදලා තියෙන්නෙ ප්‍රකාශ අල්පෙනෙත්ති වලින්. කිරිහාමියා කවදාවත් ෆිසික්ස් ප්‍රැක්ටිකල් එන්නෙ නැති නිසා ඌ ඒවෙනකම් ඒව දැකලා තිබිලා නෑ!




 


************************





මායි කිරිහාමියයි කාලයක් ඇල්ෆා එකේ පිචිස් ක්ලාස් එකකට යද්දි වෙච්චි සීන් එකක් තමයි මේ.
 


ඔන්න ඉතින් අපි දෙන්නා කාර්ඩ් මාර්ක් කරන්න පෝලිමේ ඉන්නවා. මතක ඇතිනෙ ඒ කාලෙ කාර්ඩ් පෝලිම්. මහා ජන සන්නිපාතයක් මැද්දෑවෙ අතරමං වෙලා හරි අමාරුවෙන් නෙව ක්ලාස් එකේ දොර හොයා ගන්නෙ.
 

“යශ්, අර බලහන්කො අරය.” ඔන්න අර මහා ජනසන්නිපාතෙ මැද්දෙ කිරිහාමිය ඇඹරෙනව.

 



“කෝ කවුද?” කවුද කියල ඇහුවට මම දන්නව මූ මේ පෙන්නන්නෙ මොකෙක් හරි කොල්ලෙක්ව තමයි කියල.
 

“අර රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ. කොන්ඩෙ කර්ල්. සුදු.” ඔන්න ඉතින් මගෙත් උනන්දුව වර්ධනය වෙනවා ඒ විස්තරේ ඇහෙනකොට.
 

කිරිහාමියා දැන් මගෙ ඇස් දෙකට ඩිරෙක්ෂන් එක කියනවලු මෙන්න මෙහෙම.
 

“ඔන්න මේ පේලිය දිගටම බලාගෙන යමං.
ඔය පේලිය නෙමෙයි මැට්ටෝ කෙමෙස්ට්‍රි රිවිශන් එකේ පේළිය.
ඔව් ඔව් ඔය තාප්පෙ කෙරෝලෙ එක.
 ඔහොම ගිහින් අර ගහ පහු කලාම
කැන්ටිම ගාව තියෙන්නෙ
ලොකු කටවුට් එක.”
 


මටත් මල පනින්නෙ ඔය වගේ අවස්ථා වලදි තමයි.
 
“ඇයි ගොන් වහන්සෙ කෙලින්ම කැන්ටිම ගාව කිවුවනම් ඉවරනෙ.”
 

“හරි හරි බං අහපන්කො ඉතින්.”
 

“ඔන්න කැන්ටිම ඉස්සරහ තියෙන කටවුට් එකේ
ALPHA කියලා ලොකු අකුරෙන් ගහලා තියෙන්නෙ. 
න්න ඒකෙ H අකුර යට
හිටන් ඉන්නව කොල්ලෙක්.”








 “දැක්කද??”
කිරිහාමිය තොරණෙ විස්තරේ ඉවරවෙලා මම එතන හොයාගන්නකම් බොහෝම උනන්දුවෙන් මගෙ මූණ දිහා බලන් ඉන්නවා.
 

“උගෙ කොහෙද කොණ්ඩෙ කර්ල්. ඒ තට්ටයෙක් නෙ.” මම ඇහුව.
 



“ආන්න හරි, දැන් බලන්න ඊට පිටිපස්සෙ ඉන්නවා
කලු පාට කෙල්ලො දෙන්නෙක්.”


 
ට එහායින් ඉන්නවා කහ පාට ටී ශර්ට් එකක්.”





 
“ඒ කොල්ලගෙ කරට අත දාගෙන ඉන්නෙ අර.”




 

රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ.
කොන්ඩෙ කර්ල්,
සුදු
 

‍යාන්තම් මම කොල්ලව හොයාගත්ත. ඒත් ඒ කොල්ලගෙ මූණෙ නම් කිසිම ප්‍රියමනාප ගතියක් නෑ. නහය අකුලගෙන බුම්මන් ඉන්නව.

 
“සික් බලපන්කො උගේ මූණ.”
 
“අම්මේ ඇති යන්තම්. ඔන්න අපි ළඟටම ආව.”
 
“මොකක්?”
 

“බලා….න්නකෝ…. ඊට පිටිපස්සෙන් ඉන්න කොල්ල. අර අර අරය නේ....”




මේ ටිකත් කියන්නම ඕනෙ. ඉක්කෝලෙ කාලෙ යාලුවන්ගෙන් තවමත් මගෙත් එක්ක ඉන්න, මුල අමතක නැති කීපදෙනාගෙන් කෙනෙක් තමයි කිරිහාමියා.  ලංකාවෙ ඉන්න සමහර යාලුවොත් කරදරේකදි  අහක බලන කාලෙ, මූදු දෙකකට එහා ඉන්න  කිරිහාමියා තවමත් අපේ යාලුකම අමතක නොකල එක මට ගොඩාක් වටිනවා......



ඉක්කෝලෙ කාලෙ තවත් රසකතා කිහිපයක්....



1. දුකාගේ දුක :

 

2. කොමාගේ කොම් :


3. බයිට් :