Wednesday, April 9, 2014

සයිබරයේ සිහින උළෙල - ගැනයි විරිදු කවි කියන්නෙ






බස්සි හරිම කම්මැලියෙක්
කියලා හංවඩු ගැහෙන්නෙ
කොටා ගන්න පෝස්ටුවක්
නැතුවලු මේ කල් මරන්නෙ


උන ගැනිලා හන්දි කැක්කුමින් කල් ගෙවුනා
ඒ අස්සේ විබාග මල ඇණයක් යෙදුනා


පාලුවෙලා තිවුන බ්ලොගිය
ෆෝන් කට්ටෙනුයි කියෙවුවෙ
කොමෙන්ටු පිලිතුරු කොටලා
අදයි බ්ලොගිය හැඩ කෙරෙව්වෙ


කම්මැලි කම ඉහ මත්තේ පිනුං ගහනවා
ලැප දිග ඇරගෙන ඒ උඩ මම දොයියනවා






විස්ස විස්ස කියකිය
බ්ලොග් කාරයො තොල් මතුරවන්නෙ
විස්සයි විස්සේ තරඟය
ගැන වෙන්ටැති කතා වෙන්නෙ


හීනෙන් වගෙ විස්සක් ගැන කතා ඇහෙනවා
කිරිකැට් පිස්සුවයි හිතා මං දොයියනවා


ෆේස් බුකියෙ පණිවිඩයක්
බීප් බීප් නද දෙවන්නෙ
නලින් අයිය තමයි  ඔන්න
පළවෙනි පණිවිඩය දුන්නෙ


සයිබර් සිහිනයෙ බක්මහ උළෙල තියෙනවා
බ්ලොග් කාරයො බ්ලොග් කාරියො එක්කහු වෙනවා


බක් මාසේ විසිවැනිදයි
සිහින උළෙල හැබෑ වෙන්නෙ
පැලවත්තේ බුද්ධදාස
පිට්ටනියෙයි වැඩේ වෙන්නෙ






ගේට්ටුවෙදි සීයෙ එවුව දෙකක් ගෙවනවා
ඊට කලින් මේ පෝරමෙ පුරවල එනවා


මීට කලින් කවදාවත්
ගෙට්ටුවකට ගොහින් නැතේ
මේ වතාවෙ අනිව මමත්
හොස්ස පොවල යනව පුතේ


බ්ලොගිය ඇරල අවුරුද්දක් වත් නැහැ ඔන්න
ලොකු අයිටම් නොදා මිතුදමින්  අමතන්න


 


මූදු හතක් එහා ඉන්න
යාලුවන්ට සොරි වේවා
පොටෝ වීඩියෝ දැකලා
පින් අනුමෝදන් වේවා


සිහින උළෙල හීනෙන්
දැක දැක තුටු වේවා
ලබන නව වසර ඔබ හැමටම සුභ වේවා




අනේ සුපින්වතුනෙ, හද්දා කම්මැලිකමේ මලකුත් නෙල නෙල මාත් සටපට ගාලා දානවලු ඔන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්කට්ටක්.  හැමෝම එදාට  එමු. බනිස් කමු. කඹ අදිමු. කණා මුට්ටි බිඳිමු. බොන අය බොමු. කන අය කමු. මෙච්චර කල් වර්චුවලි දැක්ක මූණු  එක්ක හැබෑ ලෝකෙදි දොඩමලු වෙමු.


එතකම් උඹලා හැමෝටම සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි! ආරස්සාවයි!!

91 comments:

  1. බ්ලොග් කරුවන් දැනුවත් කිරීමට සහය වීම ගැන ස්තූතියි, අර විජට් කෑලි 2ත් බ්ලොගේ එල්ලල දාන්න අක්කෙ :)

    ReplyDelete
    Replies
    1. අනිවා. දැන් පෝන් කට්ටෙන් ඉන්නෙ. හෙට හවහට විජට් කෑලි එල්ලන්නංකො.

      Delete
  2. මුහුදු හතින් මෙහා ඉදන්
    හුල්ලන්ට වෙන්නේ අපිට
    බෑද නිකන් ස්කයිපිය
    ලැපක් මගින් ඔන් කරන්න

    දන්න කියන උන් එක්කලා
    පොඩි කයියක් දාලා ඉන්ට.....
    එහෙම අදහසක් ගැන
    අපේ සැට් එක හිතලා නැද්ද...

    අනේ මගේ සුදු බස්සි
    මන් නැතුවම ටෝ යනවද
    හිතට ඩුකයි....
    අම්බානෙට..........

    පරිස්සමින් බස්සි නගේ
    ගෙඹිලුෂත් ඉදි හොදේ
    මගේ ගනන් එකතු කරන්
    පෙන්නා පන් අපේ බලේ

    උඹලා හොදට සතුටු වෙයන්
    ලබන සැරේ,මට එන්න වෙයන්
    මේ අවුරුදු ජයම වෙයන්
    හැම එකාට සුබම වෙයන්!!!!!

    (අවුරුදු උත්සවය අපිට සිහිනයක්.....ස්කයිපිවත් තිබුනා නම් සැක්.......පිට රට ඉන්න අපි වගේ උන්ට කතාවත් කරන්න තිබුනා...)

    ReplyDelete
    Replies
    1. ඇයි Buzz රේඩියො කෂ්ටිය ඉන්න නිසා කතා කරන්න පුළුවන්......නලින් කිව්ව....
      මමත් යනව බං .... දවස් 5 ට ගිහිල්ල එන්න.... මේ එහෙ ඉගෙන ගත්ත ජප්පියො කට්ටියකට යන්න ඕනලු....

      Delete
    2. අක්කේ, උඹේ කවි සෙට් එකට මම වැඩියෙන් ලයික් හොදේ..

      Delete
    3. ශානුවා එන්නේ නැති එක ගැන දුකයි ,අම්මප ඕකිව උස්සලා ගඟට විසි කරන්න නැතිවෙන එකට .

      Delete
    4. ඔය කියල තියෙන්නෙ මොන බලේ ගැනද ශානු අක්කෙ?

      Delete
    5. උඹ අඩන්න එපා ශානු
      එන වතාවෙ අපි සැට් වෙමු
      ආවම ඔය ගෙඹිලූශව
      දියවන්නා ඔයට දාමු

      Delete
    6. කෙන්ජිත් එනවැයි?

      Delete
    7. හෑ ඒනම් ඉදිකටු අයිය මගෙ කයියට ලැයික් නෑ නේද. අහුවෙයන්කො.

      Delete
    8. ශානු එන්නෙ නෑ කිව්වම
      ගෙඹිලූශා උඩ පනින්නෙ
      මෙදා පොටේ පණ බේරන්
      යන්න ලක් එකක් තියෙන්නෙ

      Delete
    9. ඔය කියන්නෙ අපේ ඉක්කෝලෙ බලේ ධනා මල්ලි. ඔයත් පරිස්සමෙන්. අපි වසයි හොදේ.

      Delete
  3. //මීට කලින් කවදාවත්
    ගෙට්ටුවකට ගොහින් නැතේ
    මේ වතාවෙ අනිව මමත්
    හොස්ස පොවල යනව පුතේ// මටත් කියන්ට වෙන්නෙ මේක ම තමා. එදාට හම්බ වෙමු ඈ....

    ReplyDelete
    Replies
    1. සික් මේකිව බලා ගන්න මන් නෑනේ.....බස්සි අතේ ෆොටෝ කෑල්ලක් එවන්ට ඈ....මේ බස්සි මේ දිලිනිය ආවොත් අල්ල ගන්ට ඈ

      Delete
    2. කුරුට්ටියා එද්දි ෆස්ට් ක්ලාස් පාර්ටියත් අරන් එන්ට ඈ. මන් ඇවිත් කෝල් කොරන්නන්කො.

      Delete
    3. අනිවා ශානු අක්කෝ ඔයාට බලන්න පොටෝ කෑලි දාන්නම්කො.

      Delete
    4. කොහෙදෑ අප්පේ එහෙම පාර්ටි තියෙන්නෙ? මං අහල නෑ නොවැ :-)) එන පාර හම්බ වෙමුකො ශානු....

      Delete
    5. කියන්ට අමතක වුණෝ... මට නොම්මරේ එවන්ඩෝ !!!

      Delete
    6. එල එල මන් එවන්නම්!

      Delete
    7. ෆස්ට් ක්ලාස් පාටි (1 වසරට දාගත්ත එකේ සතුටට ද?)

      Delete
    8. ඒකනෙ විදානේ. මම නම් ඔහොම පාර්ටියක් ගැන ඇහුව ම යි!

      Delete
  4. එරබොදු මලේ රූ ඉසුරෙන් පරදන්නන..
    කොවුලගේ ගී නාද දස අත පතුරන්න..
    අවුරුදු උළෙල නව සිරියෙන් සරසන්න..
    සීගිරි ළදක් ලෙස සැරසී ඔබ එන්න..

    බක බක..
    (අවුල්යැයි හැඟේනම් මකා දමන්න)

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එරබදු ගහට ඇන්දූ රත් පැහැ සේල
      කොවුල් මුවග බැන්දූ ගී මුතු මාල
      සීගිරි ළද නොවෙයි හැම බැන්දූ ආල
      අවුරුදු කුමරි ලෙස එන්නෙමි සුකුමාල

      Delete
  5. කවි ටික නම් එල ඈ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේශ් අයියේ!

      Delete
  6. සෑම අතින්ම උත්සවය සාර්ථක වේවා.....!
    මෙවර උත්සවයට උවමනාවෙන් සහභාගී නොවන අයට පසුව අනේ ...අපොයි .....කියන්නට සිදු වනවා නියතය......!!!
    නලින් නිහඩව විශාල අතිශය රහසිගතව මනා සැලසුම් සහගත සංවිධාත්මක වැඩ පිළිවලක් යොදා ඇත.....
    මං බහින්නෙත් ජපන් කෑලි 8 ක් සහ මගේ අලුත්ම ..... බ්‍රසිල් පෙම්වතියද සමගය.....

    ReplyDelete
    Replies
    1. ජපන් කෑලිම අටක්?? :o

      අම්මෙ මුත්තෙ කිවුවත් අපි අනිවා එනවා.

      සිරාවටම කෙන්ජි අයියා එනවද?

      Delete
    2. ඔව් ඔව් නලිය හෙනම ගේමක් දෙනව. අපිට කිව්වෙත් හැමදෙයක්ම ඕනිවටත් වඩා තියෙයි කියල.

      අපිනං දන්නෑ ඔන්න

      Delete
    3. හම්මේ කෙන්ජි සිරාවටම අවුරුදු උත්සවේ නිසාම ලoකාවට එනවද? එල ඈ!!

      Delete
    4. හික්ස්! ජපානෙන් ගෙන්නන වාහන කෑලි වගේ ද

      Delete
    5. ධනා මල්ලි කියන්නෙ කඹ අදින්න කඹ දෙක තුනක්, කණා මුට්ටි සීයක් විතර, ඇහැ තියන්න අලි පෙ‍රහැරක්, හැන්දෙ තියන් යන්න දෙහි ගෙඩි එකට පහක් විතර වගේ ඕනැවටත් වැඩියෙන්ද :P

      Delete
    6. නෑ නලිය කියල තියෙන්නෙ ඇත්ත.

      බනිස්, ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
      බිත්තර,ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
      මාළුපාන්, ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
      කෑම,ඕනිවටත් වැඩිය ඉතිරි වුනා
      අරව,ඕනිවටත් වැඩිය තිබුණ. මදිවෙලා තවත් ගෙනාව

      Delete
  7. අපට නම් ඉති සොරි වේවා තමයි බස්සි...

    ReplyDelete
    Replies
    1. අනෙයියෝ මියුරුත් ඉන්නෙ රටින් පිටද? දුක තමයි :(

      Delete
  8. මෙදා පාර සයිබරයේ
    ඇති බක් මහ උළෙලට
    මමත් එනව දෝණි එක්ක
    නොදැකපු උන් බලල යන්න.

    ඔන්න ඉතින් දැක්ක විටදී
    ළගට ඇවිත් "හලෝ මචං "
    මම " අහවල " කියල මචං
    කතා කරන් අනේ මචං.

    එදාට සෙල්ලම් කොරන්ට
    අපිත් එනව උබල එක්ක
    බනිස් කන්න මමත් එනව
    තරගෙට උබලත් එක්කල

    අන්දයටත් කිරි කවන්න
    එන්න ආස උනත් මෙමට
    කව්ද දන්නෙ කිරි හට්ටිය
    කොහෙට කවයි දො කියාලා

    ReplyDelete
    Replies
    1. අපිත් එදා එනව මචන්
      බස්ස එක්ක එන්නෙ මචන්
      හායි බායි කියල මචන්
      මූණ බලල කියමු මචන්

      දෝණි නගාවනම් මචන්
      දැකල තියෙන නිසා මචන්
      උඹව හොයා ගන්න මචන්
      ලේසියෙන්ම ඇහැකි මචන්

      බනිස් කන්න ගියත් මචන්
      කාගෙන යන්නෙපා මචන්
      අනිත් එවුන් හටත් මචන්
      බනිස් ඉතුරු කරන් මචන්

      කිරි කවන්න යද්දි මචන්
      දෝණි එක්ක යමන් මචන්
      කිරි හට්ටිය ඔලුවෙ හලන්
      යද්දි හැඩට පෙනෙයි මචන්

      Delete
    2. මරු මචං

      Delete
  9. ඔහොම හැමෝම කියනකොට ඕකට එන්න අමාරු අපිවගේ එවුන්ට ඉරිසියා හිතෙනවනෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔයාලට ඉරිසියා හිතවන්නම තමයි මේම ලියන්නෙ හික්ස්

      Delete
  10. පුළුවන් උනොත් මාත් එනවා... කොමෙන්ට් එකක් දැම්මේ, නිර්මාණය රහයි කියන්න..

    ReplyDelete
  11. පට්ට පට පට. (y)

    එදාට අපිත් ඔතන. එළ ටමා. :)

    ReplyDelete
  12. ane apita sorry neda ithin!!! :-(

    ReplyDelete
  13. ආ බත්තී වලෙන්කෝ ....ආවම් බලාගමු අලී ....විරිදුව පට්ට ....

    ReplyDelete
    Replies
    1. වලෙන්කො ටෝ. දෙන්නෙ උඩින් ගිහින් ග්‍රීස් ගහේ හිටින්න, කොඩිය වාගෙ

      Delete
  14. පට්ටයි ඈ බස්සි අක්කේ

    ReplyDelete
  15. අපි මූදෙන් එහා නෙව!

    ReplyDelete
    Replies
    1. වරායෙන් එහා ගුවන් තොටුපොළෙන් මෙහා නේද?

      Delete
    2. හෑ වරායෙන් එහා ගුවන් තොටුපලෙන් මෙහා කිව්වෙ?

      Delete
  16. පුළුවන් නම් එනෝ

    ReplyDelete
  17. අපි ඉතිං පස්සෙ ෆොටෝ බලන්නං....

    ReplyDelete
    Replies
    1. එහෙමවත් පින් අනුමෝදන් වෙන්නකො එහෙනම්

      Delete
  18. තැන්කූ බස්සියේ

    ReplyDelete
  19. දුක යනු,
    20 වැකේෂන් ඉවර වීමයි :( :(

    ReplyDelete
    Replies
    1. උඹ තාම ඉස්කෝලෙ යනවද? :o

      වරෙං වරෙං

      Delete
    2. හෑ කොහෙද කැම්පොස් සාශෝ උඹ අග්නිදිග විශ්වවිද්‍යාලෙ නෙමෙයිනෙ. අවුරුදු උත්සවේට හොස්ස දාල හවස් වෙලා කැම්පොස් යන්න. :D

      Delete
    3. අනේ පව් ඉස්කෝලෙ, හැබෑට තාම සාශා ඉක්කෝල බබාද?

      Delete
    4. ප්‍රියා - රංජනීද සාශා ද

      Delete
    5. නැත නැත ඉක්කෝලෙන් අවු‍ට් වී අවුරුද්දක් දෙකක් වෙනවාය.කැම්පස් එක දකුණේය :( එන්නට ආසාය.බලමුකො :D

      Delete
    6. දකුණෙ කොහෙද කියාං @නැතිභංගස්ථාන වෙමින්

      Delete
  20. ආහාහා ආවම බලාගුමු ඉතුරු ටික :)

    විරිඳුව පට්ට. එදාටත් කියහං අක්කෙ :3

    ReplyDelete
  21. වැඩේ ඉතාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි! සිතූ එන්නැද්ද?

      Delete
  22. මං ආවොත් මොනවැයි දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කෝක් එක්ක සෝඩ තියෙයි දේශා. එන්න.

      Delete
    2. හම්මේ විදානේ........

      Delete
  23. ලස්සනයි කවි ටික..
    ඒ කියන්නේ මේ පාර බස්සිත් එනවා කියන එක නේද , ෆොටෝ වලින්වත් බලන්ට බැරියැ එහෙනම් ..ඔය ෆොටෝ අංකල්ලා ෆොටෝ ගන්නකොට මැද්දට පැනලා හිනා වෙලා ඉන්න හොදේ ..:D

    ReplyDelete
    Replies
    1. හයියූ චමියත් එතෝට දැන් එරොප්පෙද? හා හා මගෙ මූණ බලන්ට නම් බ්ලොගෙනුත් පුලුවන් මයෙ හිතේ.

      Delete
  24. ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  25. ලස්සන විරිදු ටික. එහෙනං එදාට හමු වෙමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක අයියේ.

      Delete
  26. අපිත් එන්නයි හිතන් ඉන්නේ ... හ්ම්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  27. පද ටික ලස්සනයි බස්සි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන අයියේ...!!

      Delete
  28. අපි නං එයි ‍ගෙට්ටු වලට

    ReplyDelete
  29. විස්ස වෙනිදා කියලා මං දැනගෙන උන්නා
    [ඒත්]
    එන්න වෙන්නේ නැති එක ගැන හිත වද දුන්නා
    [අනේ]
    නිවාඩු අහවර වෙන්නෙත් එදාම වෙන්නා,
    [අපිට ]
    නිවාඩු අහවර වෙන්නෙත් එදාම වෙන්නා.

    ආවත් මං දන්න එවුං එකෙක්වත්ම නෑ
    ඒත් ඉතිං ආ හැකිනං මං සැලෙන්නේ නෑ
    ඔක්කොම සෙට් කරගෙන මිස, අතාරින්නේ නෑ
    ඒත්,
    එන්න වෙන්නේ නෑ අනෙ මට එන්න වෙන්නේ නෑ

    ReplyDelete