Monday, August 26, 2013

කුමුදු මල සහ පුරහඳ





නිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,

අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,

අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!


4 comments:

  1. අමාවක දා - කළුවරයි ලොව
    නොමැති දා මෙන් - නුබ මගේ ලොවේ
    නුබේ සෙනෙහෙට - හුරුවූ දෙනෙතින්
    ලොව දකින්නද - කොයි ලෙසින්

    අදමයි මේ පැත්තේ ආවේ .. ලස්සන කවි .. කවි කියන්නේ මගේ ජිවිතේ .. චුටි ආරාදනයක් තියේ .. නිවාඩුවේ එන්න අපේ පැත්තේ

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
  2. ස්තූතියි යාලුවේ. ඔයාගෙ කවි ලස්සනයි. ඔන්න බස්සි කඳුලු දියවරේ පදිංචි වුනා.

    ReplyDelete
  3. තේරුණේ යාන්තමට යැයි සිතේ......:/

    ReplyDelete
    Replies
    1. බුකියේ දි සෙට් වූ වෙලාවක තේරුනේ කොහොමදැයි විමසා බලමු. :)

      Delete