Monday, August 12, 2013

හතළිස්වෙනි කොටස : අධ්‍යයන නිවාඩුව



හැම සමාසිකයකම අවසානයේ, විභාගයට සති දෙක තුනකට කලින් කුරුලු ඉස්කෝලෙට අධ්‍යයන නිවාඩු ලැබෙනවා. බස්සයි බස්සියි ඔය අධ්‍යයන නිවාඩුවලින් සැලෙනවද? නෑ!  සුපුරුදු විදියට කැන්ටිමට වෙලා කාටුන් බල බලා, ගිරා ගහ හෙවණට වෙලා කිචිබිචි කියකියා දවස ගෙවනවා. බස්සගෙ ලැප් මල තුරුලට අරන් ෆිල්ම් බැලීමත් අමතක කරන්නෙ නෑ.

ඔහොම දවස් හත අටක් යනකොට විභාග කාලසටහන් දැන්වීම් පුවරු වල ඇලවෙනවා. එදාට නම් බස්සි තරමක් නොසන්සුන් වෙනවා. විභාගයෙදි සම්පූර්ණ කරන්න වෙන ක්‍රෙඩිට් ගානයි, පාඩම් කරන්න තියෙන දවස් ගානයි ගණන් කරනවා. ක්ලාස් එකක් ගන්න තියෙන්න ඕනෙ අවම සාමර්ථය අනුමාන කරනවා.

බස්සා තවමත් කූල් එකේ ෆිල්ම් එකක් බලාගෙන, වෙබ් සයිට් එකක් හදාගෙන පාඩුවෙ ඉන්නවා.

ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනවා. බස්සා ලෙක්චර් එකකට යනවාටත් වඩා සැහැල්ලුවෙන් ඒවට යන්නෙ. ඇත්ත නේන්නම්, දවස තිස්සෙම ඉලෙක්ට්‍රොනික් ගැජට් අමුණ අමුණ, එහෙමත් නැත්නම් ලැප් මල තුරුලු කරගෙන කාලෙ ගෙවන බස්සා ප්‍රැක්ටිකල් වලට බය නැති එක සාදාරණයි.

හැබැයි ෆිසික්ස් ප්‍රැක්ටිකල් තිවුනොත් බස්සගෙ මූඩ් එක තරමක් සීරියස්. ඒත් කවදාවත් මෙයා ප්‍රතිපත්ති කඩන්නෙ නෑ නෙව. ප්‍රැක්ටිකල් වලට පාඩම් නොකිරීම බස්සාගෙ ප්‍රතිපත්තියක් ලු.

බස්සිගෙ තත්වය නම් මීට වඩා වෙනස්.

කෙමෙස්ට්‍රි සහ මොලෙකියුලර් බයෝලොජි ප්‍රැක්ටිකල් එක්සෑම් එනකම් බස්සිත් ආසාවෙන් මග බලාන ඉන්නවා. ඒ දෙකට නම් ගෙදර යනව වගේ සැහැල්ලුවෙන් ගිහින් එන්න තරමට හිතේ විශ්වාසයක් තියෙනවා.


ඒත් බස්සිගේ බලවත් විරෝධය මත බස්සිගේ කරපිට බලෙන් පටවපු සත්ව විද්‍යාව මතක් වෙද්දි නම් බස්සිට අජීරණේ හැදෙන්න එනවා. කුරුමිණියො වර්ග තුන්සියයක, මාලු වර්ග දෙසියයක නිදර්ශක නම් කරන්න විද්‍යාත්මක නම් කටපාඩම් කරන එකට කැමති කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් අත උස්සන්න. බස්සි ආසයි එයාව දැකබලාගන්න.

ඒ නිසා සත්ව විද්‍යා පරීක්ෂණයට ලැබ් එකට යන්න පැය දෙක තුනකට කලින් ඉඳන් බස්සිගෙ කකුල් දෙක ගිටාර් ගහන්න පටන් ගන්නවා.

බස්සා බස්සිගේ හිත හදලා, ලැබ් එක ළඟටම එක්කගෙන යනවා. එක්සෑම් ඉවර වෙනකම් බස්සා එලියෙ බැම්මක් උඩට වෙලා බලාගෙන ඉන්නවා.

සත්ව විද්‍යාව නිසා බස්සිගේ හිතටත් විභාග භීතිකාව කාන්දු වෙනවා. අන්තිමේදි වදෙන් පොරෙන් බස්සාවත් ඇදගෙන, පොත් කන්දකුත් කරේ තියාගෙන බස්සි පුස්තකාලයට ඇතුලු වෙනවා.

9 comments:

  1. හ්ම්ම්ම්ම්... ඉතිං ඊට පස්සේ... :)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඉතින් exam ලියනවනෙ ;)

      Delete
    2. ඊට පස්සෙ තව කොටස් දෙකක් තියෙනවා බෙනා. පොඩ්ඩක් ඉවසලා ඉන්න!!

      Delete
  2. Replies
    1. ඔව් ඔව්. ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න!!

      Delete
  3. මම කැමති පොඩි දෙයක නේ but මම maths ඈ :D(අපි කොරයි ඕවා මොකටේ bio කරේ )

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි.....

      Delete
    2. ශු බස්සෙකුත් ඇවිත් නේ

      Delete
    3. ඇයි මොකෝ බස්සන්ට එන්න තහනම්යැ? :P

      Delete